කිරුළ ගැලවූ පුෂ්පිකාට යළිත් කිරුළ ලැබෙයි


ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින ලෙසින් කිරුළ පළඳා නොබෝ වේලාවකින් එම කිරුළ ඉවත් කළ පුෂ්පිකාද සිල්වා මහත්මිය හෙට දිනයේදී යළිත් විවාහක රූ රැජින ලෙසින් කිරුළ පැළඳීමට නියමිතව තිබේ.

ඒ හෙට කොළඹදී පැවැත්වෙන මාධය හමුවකදීය. ඇයට කිරුළ පැළඳූ ලෝක විවාහක රූ රැජින කැරොලීන් ජූලි විසින්ම එය ඉවත් කිරීමට කටයුතු කළාය.

පුෂ්පිකා මේ වන විට රෝහල්ගතව සිටියි. ඒ කිරුළ ඉවත් කිරීමේදී ඇයගේ හිසට සිදුවූ තුවාල හේතුවෙනි.

එසේම ඇයගේ කිරුළ ඉවත් කිරීම සම්බන්ධයෙන් කැරොලීන්ට හා චූලා පද්මේන්ද්‍රන්ට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.



Recommended Articles