කිරිපිටි හිඟයට බැසිල්ගෙන් විසඳුම් දෙකක්


මතුව ඇති කිරිපිටි හිඟය පිළිබඳ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්කර තිබේ. මෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කිරිපිටි හිඟයට විසඳුම් දෙකක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

කිරිපිටි මිල වැඩි කිරිම හෝ පාරිභෝගිකයාට හා ව්‍යාපාරිකයාට හානියක්නොවන පරිදි දැනට අය කරන බදු කිහිපයක් අඩු කර කිරිපිටි මිල ස්ථාවරව පවත්වාගෙන යෑම යන විසඳුම් දෙක එහිදී ඔහු විසින් ඉදිරිපත් කර තිබේ.

අමාත්‍ය මණ්ඩලය විසින් අඩුකළ හැකි බදු අඩුකර කිරිපිටි මිල ස්ථාවර පවත්වාගෙන යෑමේ යෝජනාව අනුමත කර තිබේ. එසේම එම යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාව පළකර ඇතැයිද වාර්තා වෙයි.



Recommended Articles