කිරිපිටි මිල ඉහළ දැමීමේ ඉල්ලීම ඉවතට


කිරිපිටි මිල ඉහළ දැමීමට ආනයනික සමාගම් සිදුකර තිබූ ඉල්ලීම් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අනුව ආනයනික කිරිපිටි පවතින මිලටම අලෙවි කළ යුතු බවද එම අධිකාරිය සඳහන් කරයි.

කිරිපිටි මිල ඉහළ දැමීමට අවසර ලබාදෙන ලෙස කිරිපිටි ආනයනය කරන සියලු සමාගම් පසුගිය දිනවල පාරිභෝගික කටයුතු අධිකාරියට යෝජනාවක් කර තිබිණි.

 

 



Recommended Articles