කිරින්ද මුහුදේදී තරුණියන් දෙදෙනෙක් අතුරුදන්වෙයි


කිරින්ද විහාරය ආසන්නයේ මුහුදු තීරයේදී තරුණියන් තිදෙනෙකු හා තරුණයෙකු මුහුදු රළ හසුවී ගසාගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි. මෙහිදී ඔවුන් සමග පැමිණි අයෙකු විසින් තරුණියක් හා තරුණයෙක් බේරාගෙන තිබේ.

අතුරුදන්ව සිටි තවත් තරුණියක් ප්‍ර දේශවාසීන් විසින් බේරාගෙන කිරින්ද පර්යන්ත රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර තවත් තරුණියක් අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.

මියගිය හා අතුරුදන්වූ තරුණියන් අවුරුදු 18ක් වන බිබිල ප්‍ර දේශයෙන් පදිංචිකරුවන් වෙයි. මොවුන් බිබිල ප්‍ර දේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා කිරින්ද ප්‍ර දේශයට පැමිණ සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ. 

 

 



Recommended Articles