කිරි බවුසරෙන් ඇවිත් පන්සලේ පිං පෙට්ටිය කඩයි


ආණමඩුව ගරායක්ගම ප්‍රදේශයේ අයියනායක දේවාලයේ පිං පෙට්ටිය කැඩීමට කිරි බවුසරයකින් පැමිණ සිටි සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයකු තවත් පිං පෙට්ටියක්ද සමග  (8දා) දින අළුයම අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.

 රජයට අයත් එළ කිරි ආශ්‍රිත කර්මාන්ත ශාලාවකට දියර කිරි ප්‍රවාහනය කරමින් තිබූ පුද්ගලික අයිතිකරුවකු සතු බවුසරයක් මගින් ආණමඩුව හා තවත් ප්‍රදේශ වල දියර කිරි එකතු කිරිමේ නිරතවූ රියදුරෙකු තවත් ඔහුගේ හිතවතෙකු සමග මෙසේ පිං පෙට්ටි කැඩිමේ නිරත වි ඇති බව කියයි.

පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ

 



Recommended Articles