කිරි පිටිත් ගණන් වැඩි කිරීමට යයි


සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ආනයනය කරන්නන් සිය කිරිපිටි මිළ ඉහළ දැමීම වෙනුවෙන් රජයෙන් අවසර ඉල්ලා තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 140කින් හා කිලෝ එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 350ක් වැඩි කිරීම සඳහා ඔවුන් සිය ඉල්ලීම් පාරිභෝකික කටයුතු පිළිබඳ අදිකාරිය වෙත යොමුකර තිබේ.

මෙසේ මිල වැඩිකිරීමට අවසර ලබාදුනහොත් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 520ක් දක්වාත් කිලෝ ග්‍රෑම්යක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1295ක් දක්වාත් වැඩිවෙනු ඇත.



Recommended Articles