කියුබ් තුන හමාරේ ටිපර් රථයෙන් කියුබ් 4ක් අදින හැටි


ගල්, වැලි, පස් ප්‍රවාහන බලපත්‍රය අහෝසි කිරීම නිසා කියුබ් තුනහමාර් ටිපර් රථවලට ලෑලි කැබැල්ලක් ගසා කියුබ් හතරක් බවට පත්කර එම ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය සඳහන් කරයි.

වැලි, ගල්, පස් ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු සොයාගනු ලැබූවේ අදාළ ටිපර් රථ, ලොරි රථ මාර්ගයේ ගමන් කිරීමේදී සිදුකළ පරීක්‍ෂා කිරීම්වලින් පසුව බවද එම සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ අවධාරණය කළහ.

ජාවාරම් ක්‍රියාවලින් 83%ක් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ ගල්, වැලි, පස් ප්‍රවාහනය කිරීමේදී බවත්, මේ නිසා බලපත්‍රය අහෝසි කිරීමත් සමග ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ හෙට (10දා) දින ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලිපියක් භාරදෙන බවද අද (09දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ හිමියෝ අවධාරණය කළහ.



Recommended Articles