කිඹුල ඇලේ ගුණාගේ සමිපතමයෙක් අත්අඩංගුවට


සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ‘කිඹුල ඇලේ ගුණා‘ නමැත්තාගේ සමීපතමයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 320ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනිස් ඝාතන රැසකට සම්බන්ධ සැකකරුවෙකු බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

සැකකරු වැල්ලම්පිටිය පොලීසිය වෙත භාර දී ඇති අතර ඔහු අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 



Recommended Articles