කෑගල්ලේ සිසු සිසුවියෝත් උද්ඝෝෂණයේ


කෑගල්ල ප්‍රදේශයේ තරුණ පිරිස් විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (7දා) කෑගල්ල නගරයේ පැවැත්විණි. මෙම උද්ඝෝෂණයට විශ්ව විද්‍යාල සිසුන් කෑගල්ල නගරයේ පාසල්වල සිසු සිසුවියන් 1000 ට අධික පිරිසක් එක්ව සිටි අයුරු දක්නට ලැබුණි.

කෑගල්ල නිදහස් මාවතෙන් ආරම්භ කරන ලද උද්ඝෝෂණය කෑගල්ල නගරය ඔස්සේ කෑගල්ල පොලිසිය ආසන්නයට ගොස් ආපසු හැරී නිදහස් මාවතෙන් අවසන් කෙරිණි.

කෑගල්ල චමින්ද ජයලත්



Recommended Articles