කෑගල්ලේ පොලිස් නිලධාරියාගේ පහරදීම ගැන පොලීසියෙන් නිවේදනයක්


කෑගල්ල නිදහස් මාවතේදී පුද්ගලයෙකුට පොලිස් නිලධාරියෙකු පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. ඒ පිළිබඳව පොලීසිය පැහැදිලි කිරීමක් කර තිබේ.

මෙම පොලිස් නිලධාරියා බලය ඉක්මවා කටයුතු කර ඇති හෙයින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා විනයානුකූලව පියවර ගන්නා ලෙස පොලිස්පති විසින් සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් දී ඇති බව පොලීසිය පවසයි.



Recommended Articles