කැළණිවැලියේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි


කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (10) උදෑසන සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

මෙම මාර්ගයේ පාලමක අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ඉකුත් (07)දා රාත්‍රියේ 8:30 සිට ඊයේ (09) පස්වරු 6 පමණ වන තුරු කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා කොටස වසා තිබූ අතර මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට කොස්ගම දක්වා සීමා කර තිබුණි.



Recommended Articles