කැසිනෝ නියාමන වැඩපිළිවෙල සකස් කිරීම අධීක්ෂණයට අනුකමිටුවක්


කැසිනෝ ව්‍යාපාරය නියාමන වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබදව අධීක්ෂණය සදහා අනුකමිටුවක් ස්ථාපනය කළ බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතාගේ සභාපතීත්වයෙන් යුතු මෙම අනු කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  චන්දිම වීරක්කොඩි,  එම් .ඒ සුමන්තිරන්,  මයන්ත දිසානායක සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරු ඇතුළත් බවද ඒ මහතා පැවසීය. 

පසුුුගිය 05 දා රැස්වූ මුදල් පිළිබඳ  කාරක සභාවේදී මෙම අනුකමිටුව පත්කර තිබේ.



Recommended Articles