කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ,ශ්වසන අපහසුතා පවතින්නේ නම් 1390 අමතන්න


මේ දිනවල කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ,ශ්වසන අපහසුතා පවතින්නේ නම් එකවරම රෝහලකට නොයන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම රෝග ලක්ෂණ පවතින්නේ නම් 1390 දුරකතන අංකය වහාම අමතන ලෙස ඔහු වැඩිදුරටත් දන්වා සිටියි. එම අංකය ඇමතීමෙන් පසු රෝග ලක්ෂණ විමසීමෙන් අනතුරුව අවශ්‍යම නම් රෝහලකට යොමුකිරීමේ කටයුතු හා 1990 සුවසැරිය ගිලන් රථ සේවා ලබා දීම ආදිය සිදු කරනු ලබන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා සදහන් කරයි. 

කොරෝනා  වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සදහා මහජනතාවගේ සහය අදවන විට වැඩි වශයෙන් අවශ්‍ය බව අධ්‍යක්ෂ ජනරාල් වරයා දන්වා සිටියි.

රෝග වැළදී ඇතැයි සැක කරන පුද්ගලයන් පරීක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක් හදුන්වා දී ඇති බවත් එබැවින් සංචරණය අවම කිරීමටත්, අන් අයට බෝවීම අවම කිරීමටත්, පහසුවෙන් නිසි සේවා ලබා දීමටත් 1390 ක්ෂණික ඇමැතුම් අංකය අමතන ලෙස ඔහු වැඩි දුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



Recommended Articles