කැස්බෑව ව්‍යාපාරිකයා ඝාතනය කළ සැකකරුවන් රිමාන්ඩ්


කැස්බෑව හෝටල් හිමිකරුවෙකු වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ හිසට පොල්ලකින් පහර දී ඝාතනය කර රන් භාණ්ඩ හා මැණික් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර හිටපු යුද  හමුදා සෙබලා සහ අනෙක් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මම 29 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

එදිනට සැකකරුවන් හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් වරයා වැඩිදුරටත් නියෝග කළේය. මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ  පොළොන්නරුව යාය 03 ගිරිතලේ පදිංචි හිටපු හමුදා සෙබලෙකු වූ රන්කොත් ගෙදර ජිනේශ් මහින්ද කුමාර (32) හා ආරච්චි කට්ටුව මදුරන් කුලිය පදිංචි මිහිදු කුලසූරිය ජූඩ් සුමිත් පීරිස් (25) යන දෙදෙනායි.

බිමල් ශ්‍යාමන්



Recommended Articles