කැස්බෑව ප්‍රදේශයේ තිබි අඹුසැමි යුවලකගේ සිරුරු සොයාගනියි


කැස්බෑව,  බටුවන්දර ප්‍රදේශයේ නිවසක තිබී අඹු සැමි යුවලකගේ සිරුරු සොයා ගෙන තිබෙනවා.

මෙ‌සේ මිය ගොස් ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි 39 හැවිරිදි පිරිමි පුද්ගලෙයක් සහ 28 හැවිරිදි කාන්තාවක් බවයි පොලීසිය පවසන්නේ.

හිසට වැදුණු පහරකින් ඝාතනයට ලක්වූ බවට සැකකෙරෙන මෙම කාන්තාවගේ සිරුර නිවසේ මෙට්ටයක් මත තිබියදී සොයා ගැණුනා. සැමියාගේ සිරුර නිවසේ බාල්කයක එල්ලෙමින් තිබියදීයි සොයා ගෙන ඇත්තේ.

මේ අනුව බිරිද ඝාතනය කිරීමෙන් අනතුරුව සැමියා සියදිවි නසාගන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා. මිය ගොස් සිටි සැමියා සිය පියාට සහ සහෝදරියට ලියන ලද ලිපි දෙකක් ද හමුවී තිබෙනවා.

කැස්බෑව පොලීසිය මේ පිළිබද පරීක්ෂණ සිදුකරනවා.

 



Recommended Articles