කැලිෆෝනියාවේ මිලියන 40ක ජනතාවට නිවෙස්වලම සිටීමට නියෝග


කොවිඩ් ව්‍යාප්තිය පැතිරීම පාලනය කිරීම සඳහා කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙසෙන මිලියන 40 ක පදිංචිකරුවන්ට සිය නිවෙස්වලම රැඳී සිටින ලෙසට නියෝග කර ඇත.

වොෂිංටන් සහ නිව්යෝර්ක් වලින් පසු එක්සත් ජනපදය තුළ කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත්ව ඇති ප්‍රාන්තය වන්නේ කැලිෆෝනියාවයි.

 මේ වන විට කැලිෆෝනියාවේ කොරොන වයිරස් රෝගීන් 910 ක් වාර්තා වී අතර මරණ මරණ 19 කි.

නිව්යෝර්ක් හි අවම වශයෙන් රෝගීන් 5,298 ක් සිටින අතර වොෂිංටනයේ අවම වශයෙන් 1,376 ක් වාර්තා වී ඇත.

කැලිෆෝනියාවේ වඩාත්ම ජනාකීර්ණ එක්සත් ජනපද ප්‍රනාත්ය වන අතර එය රටේ විශාලතම ප්‍රාන්ත ආර්ථිකයද වෙයි.



Recommended Articles