කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනයට මූලික කටයුතු සම්පාදනය කරනවා


කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේ මූලික කටයුතු සම්පාදනය කරමින් පවතින බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ  අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ  යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

තවද දුම්රිය කාලසටහනේ පවතින අඩු පාඩු සකස් කිරීමට ද කටයුතු සම්පාදනය කර තිබෙන බව ද කී අමාත්‍යවරයා, දුම්රිය ප්‍රවේශපත්‍ර රජයේ මුද්‍රණාලයෙන් මුද්‍රණය කිරීමේ හැකියාව සොයා බැලීම සඳහා සාකච්ඡවක් පවත්වා නිර්දේශ ලබාගැනීමට කටයුතු කරන බවද පැවසීය.



Recommended Articles