කැනියෝන් ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි


ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයට අයත්, කැන්යොන් පොකුරු ජලාශයේ එක් වාන් දොරටුවක් අඟල් 03 ක ප්‍රමාණයක් අද (01) දා අළුයම විවෘත කළ බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පැවසූහ.

විවෘත කරන ලද එම වාන් දොරටුව අද පෙ.ව.08.30 වන විට වසා දමන ලදී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කැනියෝන් ජලාශයේ එක් වාන් දොරටුවක් පසුගිය දිනවල වරින්වර විවෘත කරනු ලැබීය.

මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක



Recommended Articles