කැනඩාවේ සිට ආ අයෙක් ගුවන් තොටුපළ දී මරුට


ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩා ජාතික පුරවැසිභාවය හිමි ගුවන් මගියෙකු  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ඇද වැටීමෙන් අද (10දා)  අලුයම  මිය ගොස් ඇති බව ගුවන් තොටුපළ පොලීසිය ප්‍රකාශ කළේය .

බුද්ධික කරුණාරත්න නැමැති 54 හැවිරිදි මෙම  ගුවන් මගියා ශ්‍රී ලංකාවේ බැද්දගාන ප්‍රදේශයේ පදිංචි වී සිටි අයෙකි .

මොහු සිය මෑණියන් සමග අද (10දා) අලුයම 02.18 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට , කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

  ඔහු සිය මෑණියන් කැනඩාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටියදී අද (10දා) අලුයම 03.50 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ  ශාලාව ඔස්සේ පිටවීමට ගමන් කරමින් සිටියදී , ඔහුට හදිසියේම වැළදුණු හෘදයාබාධයක් නිසා මෙසේ ඇද වැටී මිය ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය සදහන් කළේය.

මේ වනවිට මෙම ගුවන් මගියාගේ මළසිරුර මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ .

මෙම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව මහ රෝහල තුළ පැවැත්වීමට ද නියමිතය .

 



Recommended Articles