කැනඩාවේ රැකියා පෙන්වා මුදල් ගැරූ ආතිල් කොටුවෙයි


රාජ්‍ය නොවන සංවිධානයක (NGO) නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන නිළධාරීන් විසින් අත්අංඩංගුවට ගෙන තිබේ.

සැකකරු කුච්චවේලි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු වන අතර, ඔහු නැගෙනහිර පළාතේ තරුණ තරුණියන් රවටමින් කැනඩාවේ සුපිරි වෙළඳසැල්වල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකරන බවට කාර්යාංශයට පැමිණිලි 7ක් ලැබී තිබුණි. එම පැමිණිලිවලට අනුව මොහු වංචා කළ මුදල රුපියල් ලක්ෂ 40 ට අධික වේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිළධාරීන් කිහිපවරක් උත්සහ කළද ඔහු විමර්ශන නිළධාරීන් මගහැර සැගව සිටීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්යාංශයේ නිළධාරීන් හා කාර්යාංශ විශේෂ විමර්ශන අංශයේ නිළධාරින් එක්ව කුච්චවේලි ප්‍රදේශයේ නිවසේ සැගව සිටියදී සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.



Recommended Articles