කැනඩාවට යුරෝපා සංගමයේ දොර ඇරෙයිද?


යුරෝපා සංගමයේ පළමු "සහකාර සාමාජිකයා" වීමට කැනඩාවට යෝජනා කිරීමට යුරෝපීය කොමිසමේ සභාපතිනිය
සහාය දක්වා තිබේ. මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් යුරෝපයෙන් පිට මහාද්වීපයක රටක් යුරෝපා සංගමයේ සාමාජිකත්වයට
පත්වන පළමු රට බවට කැනඩාවට අවස්ථාව ලැබෙනු ඇත.

උර්සුලා වොන් ඩර් ලේන් බදාදා යුරෝපීය පාර්ලිමේන්තුවට පැවසුවේ කැනඩාව සඳහා "දොර විවෘත කිරීම" සඳහා කටයුතු කිරීමට
 තමාට අවශ්‍ය බවත්, එය විවිධ ප්‍රධාන අංශවල සමීප සබඳතා ඇතුළත් වන බවත්ය.

කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි පසුගිය සතියේ යුරෝපා සංගමය සමඟ "අද්විතීය සන්ධානයක්" සොයන බව පැවැසුවේය.
කැනඩාව දැනට එක්සත් ජනපදය සමඟ ආතති සහගත සබඳතාවලට මුහුණ දී සිටින අතර, වෙළඳාම පිළිබඳ අඛණ්ඩ ආරවුලකින් 
එය උග්‍ර වේ.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම සඳහන් නොකර, වොන් ඩර් ලේන් පැවසුවේ කැනඩාවට යම් ආකාරයක 
යුරෝපා සංගම් සාමාජිකත්වයක් ලබා දීම "වෙන කිසිවෙකුට එරෙහිව හවුල්කාරිත්වයක් නොව අපගේ පොදු ශක්තිය සඳහා"
 බවයි.



Recommended Articles