කැටගොඩව පාර්ලිමේන්තුවට ගේන්න පොහොට්ටුව තීරණය කරයි


රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත්වීමත් සමග හිස්වන මන්ත්‍රීධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

ජයන්ත කැටගොඩ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස පසුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම වෙනුවෙන් ඔහු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්විය.



Recommended Articles