කාලෝචිත ක්‍රියාමාර්ග සමුද්‍රයත් කාර්ය මණ්ඩලයත් ආරක්ෂා කළා - අගමැති


තෙල් නැවේ ගින්න පාලනය කිරීම වෙනුවෙන් එක්ව ඇති ශ්‍රී ලංකා, ඉන්දියා ආරක්ෂක අංශ ඇතුළු අනෙකුත් පාර්ශ්ව වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ස්තූතිය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට, ඉන්දීය නාවික හමුදාව ඇතුළු එරට ආරක්ශක අංශ වෙත මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඔහු සිය ට්විටර් ගිණුමෙන් ස්තූතිය ප්‍රකාශ කර තිබේ.

කාලෝචිත ක්‍රියාමාර්ග මගින් නෞකවේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව මෙන්ම සමුද්‍ර ජීවී පද්ධතියට සිදුවීමට තිබූ ව්‍යවසනයෙන් ආරක්ෂා වූ බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.



Recommended Articles