කාලගුණයේ වෙනසක්


හෙට දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17දා) මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඒ් අනුව නැගෙනහිර හා ඌව පළාත්වලත් මාතලේ හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

රත්නපුර, කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50ක් දක්වා තද වැසි ඇතිවිමට හැකියාවක් ඇති බවද ඒම නිවේදනයේ ‌දැක්වෙයි.

 

 



Recommended Articles