බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතයට අදාළව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද පෙරවරු 10.30ට නිකුත්කළ මෙම නිවේදනය පැය 24ක කාලයක් සඳහා වලංගු වෙයි. මෙම පීඩන අවපාතය හේතුවෙන් නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමන්තුව පවසයි.
ඒසේම උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.