කාලගුණයෙන් රතු නිවේදනයක්


තද සුළං හා රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍ර දේශ සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.

නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර දේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 -70 දක්වා වැඩිවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.



Recommended Articles