කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්


තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. නැගෙනහිර, ඌව, මධ්‍යම හා උතුරු මැද පළාත් සඳහා නිකුත් කළ මෙම නිවේදනය අද පෙරවරු 11.00 නිකුත් කර තිබේ.

මෙම නිවේදනය හෙට පෙරවරු 11.00 තෙක් වලංගු වෙයි. ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.



Recommended Articles