කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්


සබරගමුව, මධ්‍යම හා ඌව පළාත් හා හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා අද රාත්‍රී 11 දක්වා අකුණු හා තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව අද පස්වරු 2.30 සිට වලංගු වන පරිදි මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාවලට මිලි මිටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම ගිගුරුම් සහිත වැසි ඇතිවන විට පැයට කිලෝමීටර් 70-80 දක්වා කෙටි කාලින තද සුළංද ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.



Recommended Articles