කාරක සභා සහ සම්බන්ධීකරණ කමිටුවල තරුණයින්ට අවස්ථාව ලබාදීමට අවධානය


තරුණ තරුණියන්ට පාර්ලිමේන්තු කාරක සභා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමුව තිබේ. ඒ එම සංසදය නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මේ අනුව මේ සම්බන්ධයෙන් කථානායකවරයා ඇතුළු බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද සංසදයේ සභාපතිවරයා පැවසීය.

එසේම සංසදයේ දැක්ම සහ මෙහෙවර නිවැරදිව සකසා ගැනීම, ජාත්‍යන්තර තරුණ සංසද සමඟ සම්බන්ධ වෙමින් මෙරට තරුණයන්ට පවතින අවස්ථාවන් වැඩිදියුණු කරගැනීම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු විය. එමෙන්ම තාරුණ්‍ය මත්ද්‍රව්‍යවලින් ඈත් කිරීම සහ ව්‍යවසායකත්වය හා කර්මාන්ත වැඩිදියුණු කිරීමට අදාළව වැඩපිළිවෙලක් සකස් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී  විශේෂ අවධානයක්  යොමු  විය.

ඒ අනුව තාරුණ්‍ය මත්ද්‍රව්‍යවලින් ඈත් කිරීම සම්බන්ධයෙන් සහ ව්‍යවසායකත්වය හා  කර්මාන්ත වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ කමිටු ද්විත්වයක් සාමාජික මන්ත්‍රීවරයන්ගෙන්  පත්කර ගන්නා ලදී.

 



Recommended Articles