කාබනික වගාවට යොමුවිම කාලින අවශ්‍යතාවයක්


නිරෝගී පරපුරක් වෙනුවෙන් කාබනික වගාවට යොමුවීම කාලීන අවශ්‍යතාවක් බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා එම අදහස් පළ කළේ, කාබනික වගාව සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති විද්වත් හමුවකට එක්වෙමිනි.

ගොවීන් තුළ කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් වැරදි මතවාදයක් නිර්මාණය කර ඇතැයි, අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

පාසල් සහ පන්සල් කේන්ද්‍ර කරගනිමින් කාබනික වගාවට දරුවන් සහ ජනතාව හුරු කරවීම සඳහා අදාළ අමාත්‍යංශ සමග සාකච්ඡා කර තීරණයකට එළඹෙන්නැයි, අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.

වී සහ තේ වගාව සඳහා අවශ්‍ය පොහොර මේ වන විට රට තුළ පවතින බව නිලධාරීන් එහිදී ප්‍රකාශ කළේය.

ඔවුන් පෙන්වා දුන්නේ වෙළෙඳුන් සහ අපනයනකරුවන් පොහොර වෙළෙඳ පොළට නිකුත් නොකර බොරු පොහොර හිඟයක් නිර්මාණය කරමින් සිටින බවයි.

 



Recommended Articles