කාන්තාවක් හෝටලක ගෙන්නාවා ඝාතනය කළ ඝාතකයාගේ විස්තර පොලීසිය ඉල්ලයි


බණ්ඩාරවෙල පොලිස් වසමේ හෝටලයක කාමරයක් තුළට කාන්තාවක් ගෙන්වාගෙන එම කාන්තාව ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරු හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

ඊයේ සවස් කාලයේදී මෙම ඝාතනය සිදුව ඇති අතර සැකකරු ඝාතනයෙන් පසු පළා ගොස් තිබේ.

මෙම ඝාතකයාගේ ඡායාරූපයක්ද පොලීසිය විසින් ප්‍රසිද්ධ කර තිබේ.

සැකකරු පිළිබඳව තොරතුරක් දන්නේ නම්,

මූලස්ථාන පොලිස් පරීක්ෂක (බණ්ඩාරවෙල) 071 – 8591523

අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති - 071 -8710108/071-8594033 යන අංකවලට දැනුම් දෙන පොලීසිය කියයි.



Recommended Articles