කාන්තාවක් සී.අයි.ඩී 05 වැනි මහලින් පනී


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන සිටි සැකකාරියක් අද (11දා) අලුයම එහි 5 වැනි  මහලෙන් පැන සියදිවිහානි කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන්කරයි.

මෙලෙස ජීවීතක්ෂයට පත්ව ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි අප්සරා මැණිකේ රාජපක්ෂ (46) හැවිරිදි කාන්තාවකි.

රුපියල් ලක්ෂ 600 ක මුල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් රඳවාගෙන සිටි සැකකාරිය අද අලුයම වැසිකිළියට ගොස් එහි ජනේලයෙන් පැන මෙලෙස සියදිවි හානිකරගෙන තිබේ.



Recommended Articles