කාන්තාවකට කඳුකර කොටි ප්‍රහාරයක්


කදුකර කොටියෙකුගේ පහර කෑමට ලක් වූ කාන්තාවක් (04) දින බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම කාන්තාව වැඩි දුර ප්‍රථිකාර සදහා දික්ඔව මූලික රෝහල වෙත මාරු කර යැවූ බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ. ජයසූරිය මහතා පැවසිය.

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ තේ දළු නෙළමින් සිට තේ පානය කර යලිත් තේ වත්තේ දළු නෙළමින් සිටියදී තේ විශාල කදුකර කොටියෙකු එම කාන්තාවගේ ගෙලට සහ අතට පහර දීමත් සමග එම කාන්තාව බිම ඇද වැටුණු බවත්, පසුව වතු කම්කරුවන්ගේ කෑ ගැසීම හමුවේ කදුකර කොටියා එම ස්ථානයෙන් පලා ගිය බවයි තුවාල ලැබූ කාන්තාව සමග තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

තේ වත්තේ වැඩ කරන වතු කම්කරුවන් සුරතලයට සුනඛයින් ඇති කරන බවත්, එම සුනඛයින් තේ දළු නෙළන ස්ථානවලට රැගෙන යන නිසා එම සුනඛයින් ගොදුරු කර ගැනීමට කදුකර කොටියන් පැමිණිමේදි එම ගොදුර ලබා ගැනීමට බාධාවක් වන අවස්ථාවල අසළ සිටින පුද්ගලයින්ට කදුකර කොටියන් පහර දීම් සිදු කර පලා යන බවයි වන ජීවි නිළධාරින් කියා සිටින්නේ.

 



Recommended Articles