කාන්තන්කුඩියේ සිට ඇල්ලවලේ දිය නෑමට ආ පියා, පුතු හා දියණිය මරුට


වැල්ලවාය, ඇල්ල වලේ දිය නාමින් සිටි එකම පවුලේ තිදෙනෙකු 20 දින සවස දියේ ගිලී මියගොස් ඇති බව පොලිසිය කියයි.

කාත්තන්කුඩ් ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක පැමිණි පියා (35) පිරිමි දරුවා (15) සහ දියණිය (09)යන තිදෙනා දිය නාමින් සිටියදි එකවර අතුරුදන්ව සිටියදි අවට සිටි සංචාරකයින් පිරිසක් සුළු මොහොතකට පසු දියෙන් ගොඩට ගනිද්දීත් මියගොස් සිටි බව පොලිසිය කියයි.

පසුගිය මාස කිහිපයේදි පමණක් මෙම සංචාරක ස්ථානයේදි පුද්ගලයින් පස් දෙනෙකු දිය රකුසාට බිලිවු බව පොලිසිය කියයි.

මියගිය තිදෙනාගේ මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බව පොලිසිය කියයි. වැල්ලවාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.



Recommended Articles