කාති විනිසුරු අල්ලස් ගනිද්දී අත්අඩංගුවට


කොළඹ උතුර ( කාති) උසාවියේ විනිසුරුවරයකු  එම කාර්යාලය තුළදී පුද්ගලයෙකුගෙන් රුපියල් 7500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්  සභාව කියයි.

මාවනැල්ල ප්‍රදේශයේ පුද්ගලයකු ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පැමිණිලිකරු නීත්‍යානුකූලව විවාහ වී ඇති දෙවන බිරිඳගෙන්  වෙන් වීම සඳහා කාති උසාවියේ විනිසුරු විසින් දික්කසාද සහතිකය ලබා දීමට රුපියල් 7500/= ක් ඉල්ලා ඇති අතර එය ලබා ගන්නා අවස්ථාවේදී දෙමටගොඩ පිහිටි කොළඹ උතුර ( කාති)  කාර්යාලය තුළදී අත්අඩංගුවට ගත් බව එම කොමිසන් සභාව කියයි.

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ පවත්වයි.



Recommended Articles