කාඩ්බෝඩ් මිනී පෙට්ටියට වියට්නාමයෙන් ​ඇණවුමක්


ගල්කිස්ස - මොරටුව මහ නගර සභාව මගින් හඳුන්වාදුන් කාඩ්බෝඩ් මිනී පෙට්ටි සඳහා වියට්නාමයෙන් ඇණවුමක් ලැබී තිබේ.

මේ අනුව වියට්නාමයෙන් එම පෙට්ටි 1000කට ඇණවුමක් ලබා ඇති බවත් එය ලබන සඳුදා දිනයේදී වියට්නාමය​ට අපනයනය කරන බවත් එම නගර සභාවේ සභික ප්‍රියන්ත සහබන්දු මහතා පවසයි.

කොවිඩ් සිරුරු බහාලීම සඳහා නිර්මාණය කළ මෙම කාඩ්බෝඩ් මිනී පෙට්ටිය සඳහා මේ වන විට ශ්‍රී ලංකාව තුළ විශාල ඉල්ලුමක් නිර්මාණය වී තිබේ.

ඒ ලී පෙට්ටියක් මිලෙන් අධික වීම හා එම ලී පෙට්ටි සැකසීම වෙනුවෙන් සිදුවන පරිසර හානිය හේතුවෙනි.



Recommended Articles