ක්‍රීඩා ඇමති ශ්‍රේෂ්ඨාධිකරණයට


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීම තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කිරිමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තීරණය කර තිබේ.

පෞද්ගලික නීතිඥවරුන් පිරිසක් සම්බන්ධ කර ගනිමින් මෙම ඇපෑල සඳුදා දිනයේදී ගොනු කිරීමට නියමිතය. අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ඇපෑලක් යොමු කරන ලෙස මන්ත්‍රීවරුන් රැසක් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

 



Recommended Articles