ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බද්ද ගැන අභියාචනාධිකරණයේ තිරණය


ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය පිළිබඳ ගැටලුව ඊට සම්බන්ධ සියලු පාර්ශ්වය එක්ව සාකච්ඡා කර විසඳා ගැනීම සුදුසු බව අභියාචනාධිකරණය අද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට සඳහන් කළේය.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සහ එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක විසින් මෙම බද්ද අය කිරීම අසාධාරණ බව ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් අද (06) විභාගයට ගත් අවස්ථාවේදී අභියාචනාධිකරණය මේ බව සඳහන් කළේය.



Recommended Articles