ක්‍රිකට් ආයතනය තුළ මූල්‍ය අර්බුදයක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ මෑත කාලීන සංසරණය වන ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ නොමඟ යවන සුළු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එහි මෙහෙයුම් කළමනාකරණය කිරීමට මෙන්ම එහි දිගුකාලීන උපායමාර්ගික මුලපිරීම් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් මූල්‍ය ස්ථාවරත්වයක් ඇති බව තහවුරු කරන්නේ යැයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
2026 දී ඉන්දියාව සමඟ සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත ICC T20 ලෝක කුසලානයට හා මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත 2025 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ තරඟ 11 ක සත්කාරකත්වය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාකාරීව සහ සාර්ථකව සැලසුම් කරමින් සිටින බවද එම නිවේදනයේ දැක්වෙයි.
එවැනි පුළුල් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම කළ හැක්කේ හොඳ මූල්‍ය සහයෝගයක් ඇතිව පමණක් බවද ක්‍රිකට් ආයතය පවසයි.
රට පුරා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව වැඩිදියුණු කර ප්‍රතිසංස්කරණය කරමින් පවතින බවත් ජාතික ක්‍රිකට් යටිතල පහසුකම් ද වැඩි දියුණු කිරීමට කටයුතු කරමින් සිටින බවත් ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි.