කළුතර මහ රෝහලේ සායන රෝගී පරීක්ෂාවට ක්ෂණික දුරකථන ඇමැතුම් සේවාවක්


දැනට පවතින කෝවිඩ් 19 වසංගතය හේතුවෙන්,දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කළුතර මහ රෝහලට පැමිණි රෝගීන්ට විවිධ අපහසුතාවයන් වලට මුහුණ දීමට සිදුවී ඇත.

මෙම තත්ත්වය පිළිබදව අවධානය යොමු කල කළුතර මහ රෝහල සායන රෝගීන් සදහා දුරකථනයෙන් රෝහල අමතා සායනය සදහා දිනයක් හා වේලාවක් වෙන් කර  ගැනීමේ පහසුකම සළසා ඇති බව කළුතර මහ රෝහලේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ඒන්.කේ.සීගුණරත්න මහතා දන්වා සිටියි.

ඒ අනුව පහත සදහන් ඒක් ඒක් සායනය සදහා ඇති දුරකථන අංක වලට ඇමතීමෙන්  ඔබට  පැමිණිමේ දිනයක් හා වේලාවක් ලබාගත හැකිය.

කායික සහ ශල්‍ය වෛද්‍ය සායනය - 0762531778

විකලාංග සායනය - 0762531776

ස්නායු සායනය - 0762537602

ළමා රෝග සායනය - බාහිර රෝගී අංශය

පිළිකා සායනය-වකුගඩු සායනය                    0762532214

රක්තවාත සායනය-මෞත්‍ර ලිංගික සායනය - 0762537346

අක්ෂි සායනය - 0762370209

දියවැඩියා සහ අන්තරාසර්ග සායනය - 0762363785

Clinic Triage - 0762531914



Recommended Articles