කළුතර බන්ධනාගාරයෙන් පලා ගිය කාන්තා රැඳවියා අත්අඩංගුව


කළුතර බන්ධනාගාරයේ සිවිලිම කඩාගෙන පලාගිය මත්කුඩු ජාවාරම්කාර කාන්තා  රැඳවියා ඉංගිරිය පෝරුවදණ්ඩ ප්‍රදේශයේදී  තී රෝද රථයකින් යමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් (8) රාත්‍රියේම අත්අඩංගුවට  ගෙන ඇතැයි කළුතර පොලීසිය කියයි .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර අළුබෝමුල්ල පමුණුගම පදිංචිව සිටි හම්බාගේ දිනේශා සුබසිංහ නැමැති කාන්තා කාන්තා රැඳවියෙකි.

පසුගිය පළවෙනි දින මෙම සැකකාරිය කළුතර-උතුරු පොලිසිය මඟින් හොරයින් මත් කුඩු මිලිග්‍රෑම්  3001 සමග අත්අඩංගුවට ගෙන දින හතක රැඳවුම් නියෝග ලබාගෙන, ,අනතුරුව මීට දින දෙකකට පෙර දී බන්ධනාගාර ගත කළ බව පොලිසිය කියයි

කළුතර බන්ධනාගාරයේ කාන්තාවන් රඳවා සිටින සිරමැදිරියේ මේ වනවිට නිරෝධාන වෙමින් සිටින රැඳවියන් රඳවා සිටින බැවින් කාන්තාර දෙවියන් රඳවා රඳවා ඇත තිබී ඇත්තේ ළමා සුරකුම් සුරැකුම් මධ්‍යස්ථානයේ බව පොලිසිය කියයි .

මෙම කාන්තාව එයින් පළායන අයුරු පෙරේදා 8 සවස 6.30 ට පමණ   බන්ධනාගාර නිලධාරීයෙක්  දැක ඇති අතර ඔහු ඇය පසුපස ලුහුබැඳ  ඇතත් තීරෝද නැගී පලාගොස් තිබූ බව පොලිසිය කියයි

 ඒ සමඟම බන්ධනාගාර නිලධාරීන් ක්ෂණිකව ක්‍රියාත්මක වි සිදුකළ  සෝදිසි මෙහෙයුම්වලදී පලාගිය කාන්තා රැඳවියා  අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව   බන්ධනාගාර නිලධාරියෙක් පැවැසීය

බිමල් ශ්‍යාමන් ජයසිංහ   



Recommended Articles