කළුතර බන්ධනාගාරයට විසි කළ පාර්සලය


කළුතර බන්ධනාගාරයට පිටතින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් එම බන්ධනාගාරයේ අවි අංශයේ නිලධාරීන් හා ක්ෂේත්‍ර සේවා නිලධාරීන් විසින් සෝදිසි කර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පාර්සලය තුළ තිබී ජංගම දුරකතන 04 ක්, ජංගම දුරකතන චාජරයක් සහ දුමිකොළ  25 ක් සොයාගෙන ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

එම තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලය වැඩිදුර විමර්ශන සදහා කලුතර උතුර පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

 



Recommended Articles