කළුතර බන්ධනාගාරයට තවත් තහනම් ද්‍රව්‍ය පාර්සලයක්


කළුතර බන්ධනාගාරයේ ඩි අංශයට පිටතින් විසිකළ පාර්සලයක තිබි තහනම් ද්‍රව්‍ය තොගයත් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාරය මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය.

එම පාර්ශ්වය තුළ මත් කරල් 20ක් මත්පෙති 10ක් ,ජංගම දුරකථන 2ක් ,ජංගම දුරකථන චාජර් 2ක් සිම්පත් 2ක් සහ දුම්කොළ 10ක් සොයාගත් බවත් මෙම මත්ද්‍රව්‍ය හා තහනම් ද්‍රව්‍ය ඉදිරි කටයුතු සඳහා කලුතර උතුර පොලිස් ස්ථානය වෙත භාරදිමට කටයුතු කළ බවත් ඒකනායක මහතා පැවසීය.



Recommended Articles