කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්


අලුත්ගම, මතුගම හා අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල කප්පාදුවක් සිදුකර තිබේ.

අද (07) පෙරවරු 8.00 සිට පැය 18ක කාලයක් ප්‍රදේශ කිහිපයක එලෙස ජල සැපයුම අත්හිටුවා ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ඒ අනුව බේරුවල, අලුත්ගම, දර්ගා නගරය, බෙන්තර,කලුවාමෝදර, පිලමිනාවත්ත, බෝම්බුවල, පයාගල සහ මග්ගොන යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවය.

ඒ අනුව හෙට (08) අලුයම 2.00 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවා තිබේ.

 

 


Recommended Articles