කළුතර ප්‍රදේශ කිහිපයකට අනිද්දා ජල සැපයුම අත්හිටුවයි


අලුත්ගම මතුගම අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරිමේ කටයුත්තක් හේතුවෙන් අනිද්දා පෙරවරු 8 සිට පැය 18ක කාලයක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළේ බේරුවල ,අලුත්ගම,දර්ගානගරය,බෙන්තර හා කළුවාමෝදර යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.



Recommended Articles