කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි


කළුතර ප්‍රදේශ කිහිපයකට අද (24) පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

පෙරවරු 08.00 සිට හෙට (25) අලුයම 02.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, හික්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ සහ මොරොන්තුඩුව යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.

කළුතර අල්විස් පෙදෙස ජලාශ පරිශ්‍රයේ සිදුකෙරෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේය.

 



Recommended Articles