කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි


කළුතර අල්විස් පෙදෙස ජලාශ පරිශ්‍රයේ විදුලි බලය අත්හිටුවිමට සිදුවිම හේතුවෙන් 8 වන බ්‍රහස්පතින්දා දින පෙ.ව 8.00 සිට ප.ව 7.00 දක්වා පැය 11ක පහත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවිමට තිරණය කර තිබේ.

ඒ අනුව වාද්දුව,වස්කඩුව,පොතුපිටිය,කළුතර (දකුණ) ,නාගොඩ යන ප්‍රදේශයන්හි මෙම ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

මේ හේතුවෙන් ඉතා අරපිරිමැස්මෙන් ජලය භාවිතා කරන ලෙස ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි. 



Recommended Articles