කළුතර පවුල් 2932ක් නිරෝධායනයට


කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ  පවුල් 2932 ක සාමාජිකයන් 8694  ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි කළුතර  දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

වැඩිම පවුල් සංඛ්‍යාවක් වන  පවුල්  473 නිරෝධායනයට ලක් කර ඇත්තේ පානදුර  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙනි.

අගලවත්ත සෞඛ්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් පවුල් 54 , බණ්ඩාරගම  පවුල්  106, බුලත්සිංහල  පවුල් 189,දොඩංගොඩ පවුල් 74 ,හොරණ පවුල් 282,ඉංගිරිය පවුල් 228 ,කළුතර පවුල් 232,මදුරාවල පවුල් 334,මතුගම පවුල්  55,මිල්ලනිය පවුල් 203,පාලින්ද නුවර පවුල් 74,බේරුවල  පවුල් 164  ,වාද්දුව පවුල් 156,වලල්ලාවිට පවුල් 192 වශයෙන්  නිරෝධායනයට ලක් කර ඇත.

 

 



Recommended Articles