කළුතර නගරාධිපති අත්අඩංගුවට


කළුතර නගරාධිපති අමීර් නසීර් මහතා කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ කළුතර ප්‍රදේශයේ වසා තිබු ක්‍රීඩාංගණයක ඉබි යතුරු කඩා ඇතුළු වීම සම්බන්ධයෙනි.

පොලීසිය පැවසුවේ, කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක, එස්.ඒ.ඩී. නිලන්ත මහතා ද එම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (26) දින කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.


 



Recommended Articles