කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 752ක්


කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍යය වෛද්‍ය  නිලධාරී බල  ප්‍රදේශ 15  තුළ  කොරෝනා වෛරසය  ආසාදිත රෝගීන් 752 දෙනෙකු අ​ද 11   දින ට වාර්තා වී ඇතැයි  කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

එම රෝගීන් පිරිස අතර ගැබිණි මව්වරුන් 11,හා විවිධ රෝගාබාධ තිබෙන පුද්ගලයන්  8 දෙනෙක් වන  බව  වෛද්‍ය රත්නායක මහතා කිය.

එයින් වැඩිම රෝගීන් පිරිස වන 116 දෙනකු    වාර්තා වී ඇත්තේ  හොරණ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් බව  අධ්‍යක්ෂකවරයා කීය .

අගලවත්ත   රෝගීන් 22, බණ්ඩාරගම රෝගීන් 64 , බුලත්සිංහල රෝගීන්  40 ,දොඩංගොඩ රෝගීන් 4, බේරුවල  රෝගීන් 69 , ඉංගිරිය  රෝගීන් 84 , කළුතර  රෝගීන් 53 ,මදුරාවල රෝගීන්  40 ,  මතුගම  රෝගීන් 67 , මිල්ලනිය  රෝගීන්  37,   පාලින්දනුවර  රෝගීන්  11, පානදුර  රෝගීන්  63 , වාද්දුව රෝගීන් 60 හා වලල්ලාවිට  රෝගීන් 22 වශයෙන් වාර්තා වී ඇතැයි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය



Recommended Articles